Introduction








හැමෝටම ආයුබෝවන් කියල සුබ පතනවා.ඇත්තටම මම මේ බ්ලොග් කලාවට ආධුනිකයෙක්.මමත් නිකන් ඉන්න ගමන් හිතුව මම හදපු සහ තවමත් යාවත්කාලීන කරන Java වලින් හදපු Speech Recognition System එක ඔයාලත් එක්ක බෙදාගන්න.මේකෙන් කරන්නේ අපි දෙන විධානයන්ට අනුව අපි කලින් දීල තියෙන ක්‍රියා ඉටු කරන එක.කලින් දීල තියෙන ක්‍රියා කියල කියන්නේ , අපි මේ program එකේ database එකට record එකක් ඇතුලත් කරන්න ඕනේ , අපි මේ විධානය දුන්නහම මෙන්න මේ වැඩේ කරන්න ඕනේ කියල.උදාහරණයක් විදිහට ගත්තොත් අපි database එකට record එකක් ඇතුලත් කරනවා, play music කියන විධානය දුන්නහම සින්දුවක් play කරන්න කියල.ඊට පස්සේ අපි play music කියන විධානය වචනයෙන් කිව්වහම මේ program එක සින්දුවක් play කරනවා.


මේ program එක මම code කලේ java 8 වලින් Netbeans කියන  IDE එක උපයෝගී කරගෙන.
මම දැන් පෙන්නන්නම් ඔයාලට මේ program එක මගින් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියල.

  • අපි දීල තියෙන folder එකක තියෙන mp3 සින්දු play කරන්න.
  • අපි දීල තියෙන folder එකක තියෙන mp4 වීඩියෝස් play කරන්න.
  • අපි දීල තියෙන email address එකකට එන mail download කරගෙන ඒ බව notify කරන්න.
  • අපි දීල තියෙන නගරයක කාලගුණය බලාගන්න.
  • අපි දීල තියෙන programs open කරන්න වගේම ඒවා close කරන්න.
  • අපි දීල තියෙන folders open කරන්න.
  • අපේ පරිගණකයේ තියෙන mp3 සින්දු වල tags edit කරන්න වගේම , අපි දීල තියෙන ස්ථානයකට ඒවා පිලිවෙලින් ගායකයන්ගේ පිළිවෙලට හෝ වර්ගය පිළිවෙලට අසුරන්න .
  • අපි දීල තියෙන ස්ථානයක තියෙන පින්තුර slideshow එකක් විදිහට බලාගන්න.
  • Alarm එකක් හෝ Timer එකක් තියාගන්න.
  • Arduino පරිපථයක් ආධාරයෙන් ගෙදර තියෙන විදුළි උපකරණ on / off කරන්න.
  • අපේ ආදායම් වියදම්  සටහන් කර මාසෙක අදායම වියදම සහ ඉතුරුව ගණනය කරගන්න.

මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන් අපිට මෙම program එක මගින් කරගන්න පුළුවන් වෙන්නේ.ඒ වගේම තව පොඩි පොඩි දේවල් කරගන්න පුළුවන්.ඒ වගේම තවත් අලුත් අලුත් දේවල් මම ඉදිරියට මේකටම එකතු කරනවා.විශේෂම කාරනය වෙන්නේ මේ දේවල් ඔක්කොම අපිට voice command එකක් මාර්ගයෙන් කරගත හැකිවීමයි.



ඒ වගේම මේ software එක වැඩ කරන්න නම් අපිට සිද්ද වෙනවා අපේ computer එකට ජාවා install කරගන්න.ජාවා download කරගන්න පුළුවන් පහල ලින්ක් එකෙන්.


 මෙතැනදී අපිඅපේ පරිගණකයට ගැලපෙන JRE එක තෝරාගෙන (64 Bit / 32 Bit) download කරගන්න ඕනේ.


  මම මේ බ්ලොග් එකේ දිගටම මේ software එක ගැන විස්තර සහ අලුතින් එකතු කරන දේවල් ගැන දාන්නම්.



Related Posts:

  • 31.A Keylogger Using Java අද මම කියල දෙන්න යන්නේ Speech Recognition System එකට අදාළ නොවෙන දෙයක් උනත් , කව්රුත් වගේ උනන්දු දෙයක් ගැනයි.ඒ තමයි පොඩි හැකින් පාරක් දාගන්න පුළුවන… Read More
  • 32.Message Encrypt / Decrypt මේක තමයි මම Speech Recognition System එකට එකතු කරපු අලුත්ම අංගය.මේ අංගය බාවිතා කරලා අපිට පුළුවන් තවත් කෙනෙක්ට යවන message එකක් encrypt කරලා යවන්න.ඒ… Read More
  • 30.Home Automation - 10 අපි දැන් බලමු කොහොමද Sensor Unit එකට NRF24L01 Transceiver එක සම්බන්ද කරගන්නෙ කියල. මෙතැනදී අපිට කලින් Unit එකේදී වගේ Sensors 8ක් සම්බන්ද කරගන්… Read More
  • 33.Folder Locker මේක තමයි මම Speech Recognition System එකට එකතු කරපු අලුත්ම අංගය.මේ අංගය බාවිතා කරලා අපිට පුළුවන් අපේ පරිගණකයේ තියෙන files සහ folders password එකක් ඇත… Read More
  • 34.Video Gallery & Video Player - Updated ඔන්න මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ මම අලුතින් කරපු වෙනස්කමක් ගැනයි.මෙතැනදී මම කලේ , Video Player එකේ තිබ්බ අඩු පාඩු හදල , Video Playlist එක Video Gal… Read More