22.Modes







 
අද මම පෙන්නන්නම් මේකේ තියෙන modes මොනාද කියල.මුලින්ම බලමු මොකක්ද mode එකක් කියන්නේ කියල.mode එකක් කියල මේ software එකේදී අදහස් කරන්නේ , මේ software එක තියෙන යම් කිසි  තත්වයකටයි.මේ software එකේ modes කිහිපයක් තියෙනවා .ඒවා තමයි,
  • Listening Mode
  • Sleep Mode
  • Typing Mode
  • Deaf Mode
මම දැන් එකින් එක අරගෙන විස්තර කරන්නම්.


Listening Mode


සාමාන්යෙන් මේ software එක open කරපු ගමන් තියෙන්නේ මේ mode එකේ.listening mode කියල කියන්නේ , අපි කියන හැම වචනයක්ම මෙයා ග්‍රහණය කරගන්නවා වගේම , ඒ කියන වචනය command එකකට සමාන උනොත් හරි ඒ වචනයේ ශබ්දය command එකක් කියද්දී ඇතිවෙන ශබ්දයට සමාන උනොත් ඒ ශබ්දයට/command එකට අදාළ ක්‍රියාව ඉටු කරනවා.මේ mode එක on කරන්න හෝ active කරන්න නම් wake up කියන command එක දෙන්න ඕනේ.


Sleep Mode
  

මේ mode එකේදී වෙන්නේ software එක තාවකාලිකව අපි කියන දේවල් වලට ඇහුන්කන් නොදී ඉන්න එකයි.ඒ කියන්නේ මෙයා sleep mode active වෙලා තියෙද්දී අපි command එකක් දුන්නොත් (wake up කියන එක ඇර) , ඒ command එකට අදාළ ක්‍රියාව ක්‍රියාත්මක කරන්නේ නැහැ.මේ mode එක active කරන්න දෙන්න ඕනේ commandඑක වෙන්නේ stop listening කියන command එක , ඒ වගේම මේ mode එක deactivate කරන්න දෙන්න ඕනේ command එක වෙන්නේ කලින් කියපු  wake up කියන command එක.


Typing Mode


මේ mode එක active උනහම වෙන්නේ අපි කියන දේවල් මෙයා type කරන එක.ඒ කියන්නේ අපි කියන command ක්‍රියාවට නංවන එක වෙනුවට කරන්නේ අපි කියන ඒවා type කරන එක.මේ mode එක තාම තියෙන්නේ developing මට්ටමේ නිසා මේ mode එක තාම හරියට ක්‍රියාත්මක වෙන්නේ නම් නැහැ , ඒ නිසා මම මේක software එකේ active කරලා නෑ.නමුත් මම  මේක ලගදීම active කරන්න බලාපොරොත්තු වෙනවා.


Deaf mode


මේ mode එක on උනහම නැවත අපි එය manually deactivate කරන තෙක්  අපි කියන කිසිම command එකකට ඇහුන්කන් දෙන්නේ නැහැ වගේම කිසිම command එකක් ක්‍රියාත්මක කරන්නේ නැහැ.Deaf Mode on කරන්න නම් software එකේ තියෙන listening indicator එක click කරන්න ඕනේ.නැවත Deaf mode deactivate කරන්න නම් නැවත වරක් listening indicator එක click කරන්න ඕනේ.



Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.


Related Posts:

  • 05.Settings - 04 [ Tag Editor ] Mp3 Editor & Organizer Settings  මෙතනින් කරන්නේ  mp3 tag editor & organizer එකට අදාල වෙන settings හදන එක.. අපි බලමු මෙතන ත… Read More
  • 01.Main Interface 02 Normal 0 false false false EN-US X-NONE SI-LK … Read More
  • 04.Settings - 03 [ Automation ] Automation Settings මුලින්ම කියන්න ඕනේ කලින් සදහන් කලා වගේ මේ application එකට පුළුවන් නිවසේ තියෙන විදුලි උපකරණ හසුරුවන්න , ඒ කිව්වේ on/off කරන්න.හ… Read More
  • 03.Settings - 02 [ General ] General Settings   හරි අපි දැන් බලමු General Settings යටතට එන්නේ මොනාද කියල.    Email Settings  Voice Settings Weather Sett… Read More
  • 02.Settings - 01 [ Commands ] මේ තියෙන්නේ Settings Window එක.මෙතනින් තමයි මේ Application එකේ ඔක්කොම settings හදන්නේ.මේකේ settings categories 5ක් තියෙනවා ඒවා තමයි, Vo… Read More