03.Settings - 02 [ General ]


General Settings
 


හරි අපි දැන් බලමු General Settings යටතට එන්නේ මොනාද කියල.
  

  • Email Settings 
  • Voice Settings
  • Weather Settings
  • Audio Player Settings
  • Video Player Settings
  • Picture Library Settings
  • Attachments Settings  


අපි දැන් ඒ settings හදන හැටි බලමු.


Email Settings

අපිට අපේ email address එකට එන mails මේ software හරහා access කරන්න පුළුවන් වෙන විදිහට හදාගන්න අපිට කරන්න තියෙන්නේ email (0) කියන තැනට අපේ email address එක දෙන එක.ඊට පස්සේ password(1) කියන තැනට අපේ email එකේ password එක දෙන්න ඕනේ.ඔයාලගේ email එකට 2 step verification option එක enable කරලනම් තියෙන්නේ ඔයාට සිද්ද වෙනවා ඔයාගේ email host ගෙන් මේ application එකට mail access කරන්න පුළුවන් වෙනමම password එකක් ගන්න.ඊට පස්සේ save button එක click කරන්න.


Voice Settings

voice settings කියන්නේ මේ software එකේ කතා කරන voice එක පිරිමි කටහඩකින් හෝ ගැහැණු කටහඩකින් කතා කරන එකයි.එකට අපිට කැමති කටහඩ select කරලා save button එක click කරන්න.


Weather Settings


මෙතැනදී අපිට පුළුවන් අපි දීල තියෙන නගරයේ කාලගුණ වාර්තාවක් ගන්න , ඒ කියන්නේ weather report එකක්.එක කරන්න නම් අපිට ?(3) කියන button එක click කරලා city finder කියන window එක open කරගන්න වෙනවා.


ඊට පස්සේ country කියන field (0) එකට අපිට අදාල වෙන රටේ නම type කරලා submit කියන button එක click කරන්න.ඊට පස්සේ පහලින් ඒ රටට අදාළ නගරවල නම් ලිස්ට් එකක් දෙනවා.එතනින් අපිට වඩාත් ලගම නගරය තෝරාගෙන ඒ නම කලින් window එකේ city  කියන field (2) එකේ type කරලා save button එක click කරන්න.


Audio Player Settings

mp3 player එකේ play කරන්න ඕනේ සින්දු තියෙන folder එක තෝරලා දෙන්න ඕනේ මෙතනින් තමයි.ඒකට select (4) කියන button එක click කරලා අපේ පරිගණකයේ සින්දු තියෙන folder එක select කරන්න.ඊට පස්සේ ඒ folder එකේ තියෙන ඔක්කොම mp3 සින්දු ටික software එකට load කරගන්නවා.


Video Player Settings

mp4 player එකේ play කරන්න ඕනේ videos තියෙන folder එක තෝරලා දෙන්න ඕනේ මෙතනින් තමයි.ඒකට select (5) කියන button එක click කරලා අපේ පරිගණකයේ videos තියෙන folder එක select කරන්න.ඊට පස්සේ ඒ folder එකේ තියෙන ඔක්කොම mp4 videos ටික software එකට load කරගන්නවා.



Picture Library Settings

 picture library එකේ පෙන්නන්න  ඕනේ පින්තුර තියෙන folder එක තෝරලා දෙන්න ඕනේ මෙතනින් තමයි.ඒකට select (6) කියන button එක click කරලා අපේ පරිගණකයේ pictures තියෙන folder එක select කරන්න.ඊට පස්සේ ඒ folder එකේ තියෙන ඔක්කොම pictures ටික software එකට load කරගන්නවා.


Attachments Settings 

 mail client එකෙන් read කරන mails  වල තියෙන attachments computer එකට download වෙන folder එක මෙතැනදී select (7) කියන button එක click කරලා select කරන්න ඕනේ.




මම ඊලග පොස්ට් එකෙන් පෙන්නන්නම් automation කියන tab එකේ තියෙන settings වලින් කරන්නේ මොනාද කියල.



 

Related Posts:

  • 32.Message Encrypt / Decrypt මේක තමයි මම Speech Recognition System එකට එකතු කරපු අලුත්ම අංගය.මේ අංගය බාවිතා කරලා අපිට පුළුවන් තවත් කෙනෙක්ට යවන message එකක් encrypt කරලා යවන්න.ඒ… Read More
  • 33.Folder Locker මේක තමයි මම Speech Recognition System එකට එකතු කරපු අලුත්ම අංගය.මේ අංගය බාවිතා කරලා අපිට පුළුවන් අපේ පරිගණකයේ තියෙන files සහ folders password එකක් ඇත… Read More
  • 30.Home Automation - 10 අපි දැන් බලමු කොහොමද Sensor Unit එකට NRF24L01 Transceiver එක සම්බන්ද කරගන්නෙ කියල. මෙතැනදී අපිට කලින් Unit එකේදී වගේ Sensors 8ක් සම්බන්ද කරගන්… Read More
  • 31.A Keylogger Using Java අද මම කියල දෙන්න යන්නේ Speech Recognition System එකට අදාළ නොවෙන දෙයක් උනත් , කව්රුත් වගේ උනන්දු දෙයක් ගැනයි.ඒ තමයි පොඩි හැකින් පාරක් දාගන්න පුළුවන… Read More
  • 00.Main Interface 01 Normal 0 false false false EN-US X-NONE SI-LK … Read More