34.Video Gallery & Video Player - Updated




ඔන්න මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ මම අලුතින් කරපු වෙනස්කමක් ගැනයි.මෙතැනදී මම කලේ , Video Player එකේ තිබ්බ අඩු පාඩු හදල , Video Playlist එක Video Gallery එකක් විදිහට වෙනස් කරපු එකයි.

 



මෙතැනදී Video Gallery එකේ , අපි select කරලා තියෙන Video Folder එකේ තියෙන ඔක්කොම Video Files ටික icons විදිහට window එකේ පෙන්නනවා. ඒ වගේම ඒ icon එක උඩට mouse එක ගෙනිච්චහම Background එක ඒ අදාළ ෆිල්ම් එක අනුව වෙනස් වෙනවා.




මේ විදිහට icon image එක සහ background image එක වෙනස් වෙන්න අවශ්‍ය විදිහට අපිට ඒ අදාළ images ෆිල්ම් එක තියෙන folder එකට ඇතුලත් කරගන්න සිද්ද වෙනවා.


මෙහිදී icon එකට අවශ්‍ය කරන image එක medium-cover.jpg  විදිහටත් background image එකට අවශ්‍ය කරන image එක Background-cover.jpg විදිහටත් renameකරගන්න අවශ්‍ය වෙනවා.ඒ වගේම icon image එකේ උස පළලට වැඩිය අඩු වෙන්න ඕනේ (H > W) , එමෙන්ම background image එකේ පළල උසට වැඩිය වැඩි වෙන්නත් ඕනේ (W > H).මේ විදිහට අපි අදාළ images දෙක save කරගත්තහම  Video Gallery එකේ Films ටික ලස්සනට පෙන්නනවා.

 ඒ වගේම අපිට පුළුවන් මේ Video Gallery එකේ තියෙන Films වලින් අවශ්‍ය Film එක search කරන්න. 



ඒකට කරන්න තියෙන්නේ ඉහල පින්තුරයේ විදිහට search bar (1) එකේ අපිට search කරගැනීමට අවශ්‍ය ෆිල්ම් එකේ කොටසක් type කර search button (2) එක click කිරීමයි.එතකොට ඒ search එකට අදාළ වෙන ෆිල්ම් එක පමණක් අපිට පෙන්නන්නවා.ඉන්පසු නැවත
Video Gallery එක යථා තත්වයට පත් කිරීමට නම් search bar එක empty කර නැවත search button එක click කිරීමයි.

ඒ වගේම search button එක පසෙකින් තියෙන button එක click කිරීම මගින් අපිට Watched Movies Window එක open කරගන්න පුළුවන්.


ඒ වගේම Video Gallery එකේ film icon එකක් click කිරීම මගින් ඒ අදාළ ෆිල්ම් එක  Video Player එක මගින් play කිරීමට පටන් ගන්නවා.මෙහිදී කියන්න ඕනේ මේ  Video Player එක කලින් තිබ්බ  Video Player එකට වඩා නවීකරණය කරන ලද්දක්.මෙහිදී අපිට ඕනෑම  Video Format එකක් play කිරීමට හැකියාව ලැබෙනවා.

පහල තිබෙන Video එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද මේ අලුත් Video Gallery එක වැඩ කරන්නේ කියල.





මේ අලුත් සංස්කරණය කරපු software එක Download Page එකෙන් බාගත කිරීමට හැකියාව තිබෙනවා.


ඉතින් මම තවත් දවසක මේ වගේ අලුත් දෙයක් අරගෙන ඔයාලට පෙන්නන්න අරගෙන එන්නම්.


Related Posts:

  • 22.Modes   අද මම පෙන්නන්නම් මේකේ තියෙන modes මොනාද කියල.මුලින්ම බලමු මොකක්ද mode එකක් කියන්නේ කියල.mode එකක් කියල මේ software එකේදී අදහස් කරන්නේ … Read More
  • 24.Home Automation - 05 අද මම පෙන්නන්නම් Arduino Board එකේ pins 3ක් විතරක් පාවිච්චි කරලා devices 8ක් control කරන්නේ කියල.ඒකට අපිට ඕන වෙනවා shift register කියන IC වර්ගය. … Read More
  • 23.Home Automation - 04 මම මේ පොස්ට් එකෙන් පෙන්නන්න යන්නේ මම ලගදි මේ software එකට එකතු කරපු අලුත් අංගයක් ගැනයි.මෙතැනදී වෙන්නේ කලින් වගේ  Arduino ෆයිල් එකයි Arduino l… Read More
  • 20.Home Automation - 02 අපි දැන් බලමු automation unit එක එකලස් කරගන්නේ කියල. මේ උඩ පින්තුරේ විදිහට modules ටික connect කරගන්න. Arduino 5V pin එක DC to DC converte… Read More
  • 21.Home Automation - 03 මම අද කියල දෙන්නම් අපි හදපු automation unit එකට displayඑකක් connect කරන හැටි.එතකොට අපිට පුළුවන් automation unit එකේ ip address එක ලේසියෙන්ම දැනගන්න… Read More