33.Folder Locker



මේක තමයි මම Speech Recognition System එකට එකතු කරපු අලුත්ම අංගය.මේ අංගය බාවිතා කරලා අපිට පුළුවන් අපේ පරිගණකයේ තියෙන files සහ folders password එකක් ඇතුලත් කරලා lock කරලා හංගන්න.මේ වැඩසටහනට පහල තියෙන දේවල් කිරීමේ හැකියාවක් තියෙනවා.


  • අපිට අවශ්‍ය ඕනෑම ස්ථානයක locker එකක් සෑදීමට හැකි වීම.
  • පරිගණකයේ locker කිහිපයක් සැදීමට හැකි වීම සහ ඒ ඒ locker එකට වෙන වෙනම passwords වලින් lock කිරීමට හැකි වීම.
  • අපිට lock කරන්න අවශ්‍ය files හෝ folder එක Zip කර lock කිරීමට හැකි වීම.

මේකෙදි අපිට අපේ files lock කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.

එක ක්‍රමයක් තමයි අපිට lock කරන්න අවශ්‍ය files ටික Zip file එකක් විදිහට හදල locker එකට දාල lock කරන්න පුළුවන්.මේ ක්‍රමයේදී file lock කරන්න සැලකිය යුතු වෙලාවක් ගන්නවා.හැබැයි ආරක්ෂාව අතින් වැඩි.

අනිත් ක්‍රමය තමයි අපිට lock කරන්න අවශ්‍ය files ටික ඒ විදිහටම locker එකට දාලා lock කරන්න පුළුවන්.මේ ක්‍රමයේදී file lock කරන්න ඉතාම කෙටි කාලයක් තමයි ගන්නේ .එකේදී ආරක්ෂාව කලින් ක්‍රමයට වඩා ටිකක් අඩුයි.


හරි අපි දැන් බලමු කොහොමද මේ software එක උපයෝගී කරගෙන file එකක් lock කරන්නේ කියල.
 


හරි එහෙනම් අපිට මුලින්ම වෙනවා උඩ තියෙන පින්තුරයේ විදිහට , Speech Recognition software එකේ Accessories window එකේ දෙවෙනි page එකට යන්න.එකේ උඩ තියෙන විදිහට folder locker icon එක click කරන්න එතකොට පහල පින්තුරයේ විදිහට folder locker එක open වෙනවා.



මෙතැනදී මම නම්බර පිළිවෙලට පැහැදිලි කරන්නම්.

01.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් locker එකක් හදන්න අවශ්‍ය ස්ථානයක් තෝරලා දෙන්න හෝ , කලින් හදපු locker එකක් තියෙන ස්ථානයක් තෝරලා දීල ඒ locker එක access කරන්න.

02.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් අපිට lock කිරීමට අවශ්‍ය files ටික තෝරලා දෙන්න.

03.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් අපිට lock කිරීමට අවශ්‍ය files ටික image එකක් තුල හංගන්න.මෙතැනදී අපි අවශ්‍ය image එකක් තෝරලා දෙන්න ඕනේ.

04.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් locker එක password එකක් සමග lock කිරීමට.

05.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් lock කරලා තියෙන locker එකක් , lock කරන්න දීපු password එක enter කිරීම මගින් unlock කරගන්න.


ප්‍රධාන වශයෙන් මේ වැඩසටහනේ ක්‍රියාකාරිත්වය ඔය විදිහට තමයි වෙන්නේ.

ඒ වගේම මම කලින් කිව්වනේ අපිට අපේ files ක්‍රම දෙකක් යටතේ lock කරන්න පුළුවන් කියල.දැන් මම වෙන වෙනම කියල දෙන්නම් ඒ ක්‍රම දෙක මගින් files lock කරන විදිහ.


පළමු ක්‍රමය ( Slow But More Secure )



මේ ක්‍රමයේදී පහත පිළිවෙල අනුගමනය කරන්න ඕනේ.

  1. නොම්බර 2 button එක click කිරීම මගින් අවශ්‍ය files / folder එක තෝරලා දීම.
  2.   නොම්බර 3 button එක click කිරීම මගින් image file එකක් තෝරලා දීම.
  3. නොම්බර 4 button එක click කිරීම මගින් locker එක lock කිරීම.

මේ ක්‍රමයේදී වෙන්නේ , අපි තෝරලා දෙන files ටික zip file එකක් බවට පරිවර්තනය කරලා අපි තෝරලා දුන්න image file එක ඇතුලේ ඒ zip file එක හංගල locker එක lock කිරීම.


දෙවන ක්‍රමය ( Fast But Less Secure )



මේ ක්‍රමයේදී පහත පිළිවෙල අනුගමනය කරන්න ඕනේ.

  1. නොම්බර 2 button එක click කිරීම මගින් අවශ්‍ය files / folder එක තෝරලා දීම.
  2. නොම්බර 4 button එක click කිරීම මගින් locker එක lock කිරීම.

මේ ක්‍රමයේදී වෙන්නේ අපි තෝරලා දුන්න files ටික ඒ විදිහටම locker එක ඇතුලට දාලා locker එක lock කරන එකයි.


හරි මේ software එක ගැන කියන්න තියෙන්නේ ඔච්චර තමයි . මේ පහල තියෙන වීඩියෝ එක බලල ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේකෙන් වැඩ ගන්නේ කියල





ඉදිරියට අලුතින් හදන දේවල් මම අලුත් පොස්ට් වලින් දැනුවත් කරන්නම්.

Related Posts:

  • Download Page මම මේ page එකේ දාන්නම් latest software එක download කරගන්න ලින්ක් එක.මම software එක update කරන කරන සැරේට මේ ලින්ක් එකත් update කරන්නම්.ඒ වගේම මග… Read More
  • Video Gallery Software Installation  Software Configurations [ General ] Software Configurations [ Commands] Software Configu… Read More
  • 19.Home Automation - 01 මම දැන් පෙන්නම් speech recognition system එකත් එක්ක connect කරලා බාහිර විදුලි උපකරණ හසුරුවන්න පුළුවන් automation system unit එක හදාගන්න හැටි. … Read More
  • Introduction හැමෝටම ආයුබෝවන් කියල සුබ පතනවා.ඇත්තටම මම මේ බ්ලොග් කලාවට ආධුනිකයෙක්.මමත් නිකන් ඉන්න ගමන් හිතුව මම හදපු සහ තවමත් යාවත්කාලීන කරන Java වලින් හදප… Read More
  • 34.Video Gallery & Video Player - Updated ඔන්න මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ මම අලුතින් කරපු වෙනස්කමක් ගැනයි.මෙතැනදී මම කලේ , Video Player එකේ තිබ්බ අඩු පාඩු හදල , Video Playlist එක Video Gal… Read More