32.Message Encrypt / Decrypt




මේක තමයි මම Speech Recognition System එකට එකතු කරපු අලුත්ම අංගය.මේ අංගය බාවිතා කරලා අපිට පුළුවන් තවත් කෙනෙක්ට යවන message එකක් encrypt කරලා යවන්න.ඒ කියන්නේ ඒ message එකවිකුර්ති කරලා එකට password එකක් දාල යවන්න.ඒ වගේම තමයි ඒ encrypt කරපු message එක බලන අනිත් කෙනාට මේ software එකම තියෙන්න ඕනේ අතර , අපි මේ message එක encrypt කරද්දී යොදාගත්ත password එකම ඕනේ ,ඒ message එක decrypt කරන්නත්.හරි අපි දැන් බලමු එක කරන්නේ කොහොමද කියල.මම පහලින් පින්තුර මගින් විස්තර කරන්නම් වැඩේ කරන හැටි.






මුලින්ම Quick Launch Panel එක open කරගෙන දෙවෙනි page එකට යන්න.ඊට පස්සේ  උඩ පින්තුරයේ කොළ පාටින් රවුම් කරලා තියෙන icon එක click කරන්න.එතකොට application එක open වෙනවා.





ඊට පස්සේ උඩ තියෙන පින්තුරයේ විදිහට අපිට අවශ්‍ය message එක කොළ පාටින් රවුම් කරලා තියෙන area එකේ type හෝ කොපි කරන්න ඕනේ.





ඊට පස්සේ පහලින් තියෙන encrypt කියන button එක click කරන්න ඕනේ , එතකොට open වෙනවා password එකක් සෙට් කරන්න window එකක්.





ඔය උඩ තියෙන window එකේ අපිට කැමති password එකක් දීල ok කියන button එක click කරන්න ඕනේ.මෙතැනදී දෙන password එකම තමයි , අනිත් පුද්ගලයා මේ message එක decrypt කරද්දී දෙන්න ඕනේ.





ඒ විදිහට password එකක් දීල ok කලාට පස්සේ , මෙන්න මේ විදිහට අපිට ඒ message එක encrypt කරලා දෙනවා.ඊට පස්සේ අපිට තියෙන්නේ මේ encrypted message එක select කරලා control+v click කරලා මේ message එක copy කරලා අදාළ පුද්ගලයට යවන එකයි.





හරි අපි දැන් බලමු අපිට මේ software එක මගින්ම encrypt කරලා එවපු message එකක් decrypt කරන්නේ කොහොමද කියල. එතැනදී , encrypted message එක උඩ තියෙන පින්තුරයේ වගේ text area එකේ paste කරලා පහලින් තියෙන decrypt කියන button එක click කරන්න ඕනේ.





ඊට පස්සේ අපිට උඩපින්තුරයේ විදිහට password එකක් දෙන්න window එකක් open වෙනවා.මෙතැනදී අපිpassword එක විදිහට දෙන්න ඕනේ , අනිත් පුද්ගලයා මේ message එක encrypt කරද්දී දුන්න password එකයි.ඊට පස්සේ ok button එක click කරන්න ඕනේ.







ඊට පස්සේ අපිට උඩ පින්තුරයේ විදිහට ඒ encrypt කරපු message එක decrypt කරලා පෙන්නනවා.


මේ පහල තියෙන වීඩියෝ එකෙන් ඔයාලට මේ වැඩේ කරන හැටි පැහැදිලිව බලාගන්න පුළුවන්.







ඉදිරියට අලුතින් හදන දේවල් මම අලුත් පොස්ට් වලින් දැනුවත් කරන්නම්.



Related Posts:

  • 30.Home Automation - 10 අපි දැන් බලමු කොහොමද Sensor Unit එකට NRF24L01 Transceiver එක සම්බන්ද කරගන්නෙ කියල. මෙතැනදී අපිට කලින් Unit එකේදී වගේ Sensors 8ක් සම්බන්ද කරගන්… Read More
  • Introduction හැමෝටම ආයුබෝවන් කියල සුබ පතනවා.ඇත්තටම මම මේ බ්ලොග් කලාවට ආධුනිකයෙක්.මමත් නිකන් ඉන්න ගමන් හිතුව මම හදපු සහ තවමත් යාවත්කාලීන කරන Java වලින් හදප… Read More
  • Download Page මම මේ page එකේ දාන්නම් latest software එක download කරගන්න ලින්ක් එක.මම software එක update කරන කරන සැරේට මේ ලින්ක් එකත් update කරන්නම්.ඒ වගේම මග… Read More
  • Video Gallery Software Installation  Software Configurations [ General ] Software Configurations [ Commands] Software Configu… Read More
  • 34.Video Gallery & Video Player - Updated ඔන්න මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ මම අලුතින් කරපු වෙනස්කමක් ගැනයි.මෙතැනදී මම කලේ , Video Player එකේ තිබ්බ අඩු පාඩු හදල , Video Playlist එක Video Gal… Read More