28.Home Automation - 08




ඔන්න මම අද පෙන්නන්න යන්නේ speech recognition software එකට එකතු කරපු අලුත්ම අංගය ගැනයි.ඕගොල්ලන්ට මතක ඇති මම කලින් පොස්ට් එකේදී (Home Automation - 07) හදපු sensor unit එක ගැන.මේ අලුත් අංගය link වෙන්නේ ඒ sensor unit එකේ ක්‍රියාකාරිත්වය සදහායි.අපි දැන් බලමු මේකෙන් මොකක්ද වෙන්නේ කියල.



 මේක වැඩ කරන හැටි කියන්න කලින් මම ඔයාලට sensor unit එක ගැන මතුවෙන පොඩි ප්‍රශ්නයක් ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.ඕගොල්ලන්ට හිතෙන්න ඇති අපි sensor unit එක ගෙදර lights එක්ක connect කරාට පස්සේ , අපිට අවශ්‍ය වෙලාවටයි අනවශ්‍ය වෙලාවටයි කියන දෙවේලටම lights on/off  වෙනවා කියන එක ගැන.ඒ කිව්වේ , අපි දවල් වෙලාවක room එකකට ගියත් ඒ room එකේ light එක on වෙනවා.ඇත්තටම ඒක නිශ්ඵල දෙයක්.හරිනම් මේ unit එක්ක වැඩ කරන්න ඕනේ දවසේ කාලයත් එක්ක.ඒ කිව්වේ අපිට lights දාන්න අවශ්‍යම වෙලාවට විතරයි මේ unit එක මගින් lights on කරන්න ඕනේ.සරලවම කිව්වොත් අපි ගෙදර lights on කරන්නේඅදුරු අවස්ථාවන් වලදී විතරයි ඒ කිව්වේ , උදේ පාන්දර සහ හවස් වෙලාවට , ඒ වගේම අපි නිදාගන්න වෙලාවටත් room එකේ lights off වෙන්න ඕනේ.අන්න ඒ ප්‍රශ්නෙට විසදුමක් විදිහට තමයි මේ අංගය මම speech recognition system එකට එකතු කලේ.මේකෙන් කරන්නේ අපිට අවශ්‍ය කාල පරතරයන් දෙකකදී විතරක් මේ sensor unit එක මගින් rooms වල lights on/off කරන වැඩේ කරන එකයි.අනිත් වෙලාවට මේ sensor unit එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

අපි දැන් බලමු එක කොහොමද කරන්නේ කියල.





මේ sensor scheduler window එක අපිට open කරගන්න පුළුවන් වෙන්නේ, device scheduler window එකේ තියෙන sensor scheduler (1) කියන button එක click කිරීම මගින්.එතකොට sensor scheduler window එක open වෙනවා පහල රුපයේ විදිහට.

  
මේ උඩ තියෙන පින්තුරයේ විදිහට මම නම්බර විදිහට පැහැදිලි කරලා දෙන්නම් මේක වැඩ කරන විදිහ ගැන.

මෙතැනදී අපිට කාල පරතරයන් දෙකක් අපිට system එකට insert කරලා දෙන්න පුළුවන්.ඒ කිව්වේ යම් වෙලාවක සිට යම් වෙලාවක් දක්වා sensor unit එක ක්‍රියාත්මක වෙන්න කියල.

මේ window එකේ උඩ කොටසින් අපිට ලබාදෙන්න පුළුවන් උදේ වරුවේදී වැඩ කරන්න ඕනේ කාල පරතරය.මෙතැනදී ,

1.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක ක්‍රියාත්මක වීම පටන් ගන්න ඕනේ වෙලාවේ පැය ප්‍රමාණය.

2.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක ක්‍රියාත්මක වීම පටන් ගන්න ඕනේ වෙලාවේ මිනිත්තු ප්‍රමාණය.

3.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක අක්‍රිය වෙන්න  ඕනේ වෙලාවේ පැය ප්‍රමාණය.

4.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක අක්‍රිය වෙන්න  ඕනේ වෙලාවේ මිනිත්තු ප්‍රමාණය. 


මේ window එකේ පහල කොටසින් අපිට ලබාදෙන්න පුළුවන් හවස් වරුවේදී වැඩ කරන්න ඕනේ කාල පරතරය.මෙතැනදී , 


5.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක ක්‍රියාත්මක වීම පටන් ගන්න ඕනේ වෙලාවේ පැය ප්‍රමාණය.

6.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක ක්‍රියාත්මක වීම පටන් ගන්න ඕනේ වෙලාවේ මිනිත්තු ප්‍රමාණය.

7.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක අක්‍රිය වෙන්න  ඕනේ වෙලාවේ පැය ප්‍රමාණය.

8.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක අක්‍රිය වෙන්න  ඕනේ වෙලාවේ මිනිත්තු ප්‍රමාණය.
 

ඊට පස්සේ save button (9) එක click කරන්න ඕනේ.එතකොට එම කාල පරතයන් system එකට insert කරගන්නවා.


මම දැන් උදාහරණයක් අරගෙන පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්න කියල.

මට ඕනේ කරනවා උදේ 5.00 සිට උදේ 6.30 වෙනකන් sensor unit එක ක්‍රියාත්මක වෙන්න සහ නැවතත් හවස 6.00 සිට රෑ 10.30 වෙනකන් sensor unit එක වැඩකරන්න.ඒ කිව්වේ මේ කාල පරතරයන් අතරේදී පමණයි unit එක active වෙලා automatically lights on/off වෙන්නේ.


එකට මම කරන්නේ ,

උදේ වෙලාවට අවශ්‍ය settings හදන්න නම්,

start time : 5.00Am

1 කියන තැනින් select කරනවා 05 කියන figure එක.
2 කියන තැනින් select කරනවා 00 කියන figure එක.

end time : 6.30Am

3 කියන තැනින් select කරනවා 06 කියන figure එක.
4 කියන තැනින් select කරනවා 30 කියන figure එක.


හවස වෙලාවට අවශ්‍ය settings හදන්න නම්,

start time : 6.00Pm

5 කියන තැනින් select කරනවා 06 කියන figure එක.
6 කියන තැනින් select කරනවා 00 කියන figure එක.

end time : 10.30Pm

7 කියන තැනින් select කරනවා 10 කියන figure එක.
8 කියන තැනින් select කරනවා 30 කියන figure එක.



මෙන්න මේ විදිහට settings (figures) select කරලා save button(9) එක click කරනවා. 

මම හිතනවා ඔයාලට මේක කරන හැටි ගැන තේරෙන්න ඇති කියල.


ඊට පස්සේ Introduction page එකට ගිහින් latest software එක download කරගෙන install කරගන්න.එක install කරන්න කලින් C:\HBSN කියන folder එකේ තියෙන පහත සදහන් files ඔක්කොම backup කරගන්න.

  • Attachment.dll
  • Automation.dll
  • Database.accdb
  • HBSN.grammar
  • Location.dll
  • Mail.dll
  • Music.dll
  • Output.dll
  • Picture.dll
  • Rename.dll
  • Sort.dll
  • Theme.dll
  • Video.dll
  • Voice.dll


 ඊට පස්සේ software එක install කරගත්තට පස්සේ
Schedule.dll කියන ෆයිල් එක ඇරෙන්න අනිත්  files ඔක්කොම ටික නැවතත් C:\HBSN කියන folder එකට copy කරගන්න  .නැත්තන් ඔයාලට සිද්ද වෙනවා software එකේ කලින් දීල තිබ්බ commands වගේම ඔක්කොම settings නැවතත් හදන්න.

 ඊට පස්සේ Home Automation - 04  එකේ විදිහට connection details දාලා save button එක click කරන්න , එතකොට පහත විදිහට Arduino Files 2ක් open වෙයි.


  • Control_Unit.ino
  • Sensor_Unit.ino

මෙතැනදී Control_Unit.ino කියනsketch එක main control unit එකට upload කරගන්න.දැන් වැඩේ ඔක්කොම හරි දැන් තියෙන්නේ unit දෙකටම power-up කරලා වැඩ ගන්න.


Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.