26.Home Automation - 06



ඔන්න මචන්ලා මම අද පෙන්නන්න හදන්නේ Home Automation එකේ අලුත් upgrade එකක් ගැනයි.මේකෙදි වෙන්නේ අපි ගෙදර කාමරයක් ඇතුලට යද්දී ඒ කාමරේ තියෙන light එක automatically on වෙන්න සහ අපි කාමරෙන් එලියට ආවහම ඒ light එක automatically off වෙන්නයි.ඒ වගේම අපිට පුළුවන් මේක මගින්ම ගෙදර water tank එකේ වතුර level එක අඩු වෙද්දී මෝටරය ඉබේම on වෙලා , ඊට පස්සේ tank එක fill උනහම මෝටරය ඉබේම off වෙන්න හදන්න.දැන් මම පෙන්නන්නම් මේක හදන්න මොනාද ඕන කරන උපකරණ කියල.

Item List 


  • Arduino Nano Board - 2
  • 5V to 3.3V DC step-down converter - 1
  • ESP8622 WiFi Module - 1
  • I2C OLED display - 1
  • 74HC595 Shift Register - 2
  • 8Channel 5V Relay Module - 2
  • RF Link Transmitter / Receiver set - 1
  • PIR Sensor - 8
  • Female Single Pin Headers
  • Wires
  • Prototyping Board (Dot Board) - 1 Or 2

Ebay Links


 හරි අපි දැන් බඩු ටික ගත්තට පස්සේ බලමු මොකක්ද කරන්න තියෙන්නේ කියල.මෙතැනදී මේ වැඩේ කරන්නේ වෙන වෙනම units 2කින්.ඒවා තමයි.

  • Main Control Unit
  • Sensor Unit 

මෙතැනදී main control unit එක ගැන මම කලින් පොස්ට් වලදී කියල දුන්න.අලුත් දේකට කතා කරන්න තියෙන්නේ sensor unit එක ගැනයි.මෙන්න මේ unit එකෙන් තමයි කාමර වල lights on off කරන වැඩේ කරන්නේ.මේ වැඩේ කරන්නේ PIR sensor වලින්.අපි මේ PIR sensor එක කාමරයට එක ගානේ කාමර 8කට සවි කරගන්න ඕනේ.මෙතැනදී වෙන්නේ කාමරයට කව්රු හරි හෝ පන ඇති දෙයක් (සතෙක්) අවොත් ඒ අදාලා පුද්ගලයාගෙන් හෝ සතාගේ ඇගෙන් පිටවෙන infrared කිරණ ග්‍රහණය කරගන්නවා.එහෙම infrared කිරණ ග්‍රහණය උනොත් , ඒ කියන්නේ කාමරයට කව්රුහරි ආවහම , sensor unit එකෙන් signal එකක් control unit එකට transmit කරනවා.ඊට පස්සේ control unit එකෙන් check කරනවා ඒ receive උන සිග්නල් එක මොන sensor එකට අදාළ signal එකක්ද කියල බලල ඒ sensor එකට අදාළ කාමරේ light එක on කරනවා.ඒ වගේම තමයි කාමරේට ඇතුල් උන කෙනා කාමරෙන් පිට උනහමත් කලින් ක්‍රියාදාමයම සිද්ද වෙලා කාමරේ light එක off කරනවා.

අපි දැන් බලමු කොහොමද මේ unit දෙක common prototyping board (ලංකාවේ ඉලෙක්ට්‍රොනික් කඩවලින් ඩොට් බෝඩ් කියල ඉල්ලුවහම මේ බෝඩ් එක ගන්න පුළුවන්) එකක එකලස් කරගන්නේ කියල.

අපි මුලින්ම බලමු main control unit එක හදාගන්නේ කියල.අපිට මේකට ඕනේ වෙනවා.


  • Arduino Nano Board -1
  • DC Step Down Converter -1
  • OLED Display -1
  • ESP8266 WiFi Module -1
  • 8 Channel Relay Module -2
  • 74HC595 Shift Register -2
  • RF Receiver -1






ඉහත රුපයේ විදිහට modules ටික එකට එක සම්බන්ද කරගන්න ඕනේ.

 Connections


  • ESP8266 module එකේ TX pin එක Arduino බෝඩ් එකේ D2 pin එකට connect කරන්න.
  • ESP8266 module එකේ RX pin එක Arduino බෝඩ් එකේ D3 pin එකට connect කරන්න.
  • DC to DC converter එකේ +VOUT පින් එක ESP8622 module එකේ VCC සහ CH_PD එකටත් connect කරන්න.
  • DC to DC converter එකේ -VOUT පින් එක ESP8622 module එකේ GND එකට connect කරන්න.
  • Display එකේ VCC පින් එක dc to dc Converter එකේ +VOUT පින් එකට connect කරන්න.
  • Display එකේ GND පින් එක dc to dc Converter-VOUT පින් එකට connect කරන්න.
  • Display එකේ SCL පින් එක Arduino එකේ A5 පින් එකට connect කරන්න.
  • Display එකේ SDA පින් එක Arduino එකේ A4 පින් එකට connect කරන්න.
  • පලවෙනි Shift Register එකේ DS(14) පින් එක Arduino බෝඩ් එකේ D4 pin එකට connect කරන්න.
  • පලවෙනි Shift Register එකේ OE(13) පින් එක GND එකට connect කරන්න. 
  • පලවෙනි Shift Register එකේ ST_CP(12) පින් එක Arduino බෝඩ් එකේ D5 pin එකට connect කරන්න.  
  • පලවෙනි Shift Register එකේ SH_CP(11) පින් එක Arduino බෝඩ් එකේ D6 pin එකට connect කරන්න. 
  • පලවෙනි Shift Register එකේ MR(10) පින් එකට  5V connect කරන්න.
  • පලවෙනි Shift Register එකේ VCC(16) පින් එකට  5V connect කරන්න.
  • පලවෙනි Relay module එකේ GND pin එක  GND එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ VCC පින් එකට  5V connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN1 pin එක පලවෙනි Shift Register එකේ Q0 pin(15) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN2 pin එක පලවෙනි Shift Register එකේ Q1 pin(1) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN3 pin එක පලවෙනි Shift Register එකේ Q2 pin(2) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN4 pin එක පලවෙනි Shift Register එකේ Q3 pin(3) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN5 pin එක පලවෙනි Shift Register එකේ Q4 pin(4) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN6 pin එක පලවෙනි Shift Register එකේ Q5 pin(5) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN7 pin එක පලවෙනි Shift Register එකේ Q6 pin(6) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN8 pin එක පලවෙනි Shift Register එකේ Q7 pin(7) එකට connect කරන්න.
  • දෙවෙනි Shift Register එකේ DS(14) පින් එක පලවෙනි Shift Register එකේ DOUT pin(9) එකට connect කරන්න.
  • දෙවෙනි  Shift Register එකේ OE(13) පින් එක  GND එකට connect කරන්න. 
  • දෙවෙනි  Shift Register එකේ ST_CP(12) පින් එක Arduino බෝඩ් එකේ D5 pin එකට connect කරන්න.  
  • දෙවෙනි Shift Register එකේ SH_CP(11) පින් එක Arduino බෝඩ් එකේ D6 pin එකට connect කරන්න. 
  • දෙවෙනි  Shift Register එකේ MR(10) පින් එකට  5V connect කරන්න.
  • දෙවෙනි  Shift Register එකේ VCC(16) පින් එකට  5V connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ GND pin එක  GND එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ VCC පින් එකට  5V connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN1 pin එක දෙවෙනි Shift Register එකේ Q0 pin(15) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN2 pin එක දෙවෙනි Shift Register එකේ Q1 pin(1) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN3 pin එක දෙවෙනි Shift Register එකේ Q2 pin(2) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN4 pin එක දෙවෙනි Shift Register එකේ Q3 pin(3) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN5 pin එක දෙවෙනි Shift Register එකේ Q4 pin(4) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN6 pin එක දෙවෙනි Shift Register එකේ Q5 pin(5) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN7 pin එකදෙවෙනි Shift Register එකේ Q6 pin(6) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN8 pin එක දෙවෙනි Shift Register එකේ Q7 pin(7) එකට connect කරන්න.
  • RF Receiver එකේ +VIN පින් එක  5V අග්‍රයක් සම්බන්ධ කරන්න.
  • RF Receiver එකේ GND  පින් එක  GND එකට connect කරන්න.
  • RF Receiver එකේ Data  පින් එක Arduino බෝඩ් එකේ D12 pin එකට connect කරන්න.
  • DC to DC converter එකේ +VIN පින් එක  5V ධන අග්‍රයක් සම්බන්ධ කරන්න.
  • DC to DC converter එකේ -VIN පින් එක 5V  ඍන අග්‍රයක් සම්බන්ධ කරන්න.
  • Aruino Board එකේ VIN පින් එක  5V ධන අග්‍රයක් සම්බන්ධ කරන්න.
  • Aruino Board එකේ GND pin එක 5V  ඍන අග්‍රයක් සම්බන්ධ කරන්න.

දැන් ඔක්කොම හරි.මෙතැනදී එක relay module එකකින් sensor unit එකට අදාළ operation එක handle කරන අතර අනිත් relay module එකෙන් අපේ පරිගණකයෙන් දෙන විධාන වලට අදාළ operation එක සිදු කරයි.


අපි ඊලග පොස්ට් එකෙන් බලමු sensor unit එක එකලස් කරගන්න හැටි.