17.My Pocket




මේ application එක මාර්ගයෙන් අපිට පුළුවන් අපේ දෛනික අදායම් සහ වියදම් ඇතුලත් කරගෙන පසුව මාසික හෝ වාර්ෂික අදායම වියදම සහ ඉතිරිය ගණනය කරගන්න .ඒ වගේම අපිට පුළුවන් rate convert එකක් මගින් අපි මේ ඇතුලත් කරන දත්ත වල මුල්‍යමය වටිනාකම අගයයන් දෙකක් හැටියට බලාගන්නත්.

උදා:අපි 20USD වියදමක් කලානම්.ඒ වියදම rate convert එකක් හරහා රුපියල් කීයක වියදමක් උනාද කියල බලාගන්න පුළුවන්.

තව දෙයක් තමයි මේ application එක open කිරීමට නම් ඔයාලගේ email address එක සහ email password එක username එක සහ password එක විදිහට දෙන්න ඕනේ.


අපි බලමු කොහොමද ඒ දේ කරගන්න පුළුවන් කියල.







අපි නොම්බර පිළිවෙලට අරන් බලමු,


1.මෙම button එක click කිරීම මගින් අපිට අලුත් record එකක් database එකට ඇතුලත් කරගන්න පුළුවන්.




1.අපි අදායම හෝ වියදම සිදුකල දිනය මෙතනින් select කරන්න ඕනේ.

2.අපි අදායම හෝ වියදම සිදුකල මාසය මෙතනින් select කරන්න ඕනේ.

3.අපි අදායම හෝ වියදම සිදුකල වර්ෂය මෙතනින් select කරන්න ඕනේ.

4.මේ record එක ආදායමක්ද , වියදමක්ද කියල මෙතනින්select කරන්න ඕනේ .

5.එම ආදායමේ හෝ වියදමේ , මුල්‍යමය වටිනාකම මෙතන type කරන්න ඕනේ(සත ප්‍රමාණය නැතුව / මෙහි ඉලක්කම් පමණක් type කිරීමට වග බලාගන්න).

6.එම ආදායමේ හෝ වියදමේ , මුල්‍යමය වටිනාකමේ සත ප්‍රමාණය මෙතනින් select කරන්න ඕනේ .

7.අපි rate convert එකක් කරනවානම් එම rate එක මෙතන type කරන්න ඕනේ(සත ප්‍රමාණය නැතුව / මෙහි ඉලක්කම් පමණක් type කිරීමට වග බලාගන්න)

8.අපි rate convert එකක් කරනවානම් එම rate එකේ සත ප්‍රමාණය මෙතනින් select කරන්න ඕනේ.

9.එම record එක හදුනාගැනීම පිණිස ඔයාට කැමති දෙයක් type කරන්න(මොකක්ද කරපු වියදම / මොකක්ද ලබපු අදායම විදිහට). 

10.මෙම button එක click කිරීම මගින් අපි දීල තියෙන දත්ත ටික record එකක් විදිහට database එකට insert කරනවා.


2.අපි database එකට insert කරන් තියෙන ඔක්කොම records ටික මේ list එකේ පෙන්නනවා.

3.list එකේ තියෙන ඔක්කොම records වල වියදමේ සහ ඉතිරියේ මුළු එකතුව chart එකක් ආකාරයට මෙතන පෙන්නන්නවා.

4.list එකේ තියෙන ඔක්කොම records වල ආදායමේ මුළු එකතුව main amount | converted amount කියන පිළිවෙලට  මෙතන පෙන්නන්නවා.

5.list එකේ තියෙන ඔක්කොම records වල වියදමේ මුළු එකතුව main amount | converted amount කියන පිළිවෙලට  මෙතන පෙන්නන්නවා.

6.list එකේ තියෙන ඔක්කොම records වල ඉතිරියේ මුළු එකතුව main amount | converted amount කියන පිළිවෙලට  මෙතන පෙන්නන්නවා.

7.මාසික අදායම වියදම සහ ඉතිරියේ report එකක් filter කරගන්න , එම අවශ්‍ය මාසය මෙතනින් select කරන්න.

8.මාසික අදායම වියදම සහ ඉතිරියේ report එකක් filter කරගන්න , එම අවශ්‍ය වර්ෂය මෙතනින් select කරන්න.

9.මෙම button එක click කිරීම මගින් අපි select කරලා තියෙන වර්ෂයට අදාළ මාසයේ අදායම,වියදම සහ ඉතිරිය filter කරලා list එකේ පෙන්නන අතර එම records වල මුළු එකතුව අදායම වියදම සහ ඉතිරිය වශයෙන් වෙන වෙනම 5,4,6 කියන ස්ථාන වල පෙන්නනවා.

10.මෙම button එක click කරපුවහම් අපි දීල තියෙන filter එක clear වෙලා අයෙත් database එකේ තියෙන ඔක්කොම record ටික list එකේ පෙන්නන්න ගන්නවා.



අපි ඊලග පොස්ට් එකෙන් බලමු video player එක ගැන .