23.Home Automation - 04




මම මේ පොස්ට් එකෙන් පෙන්නන්න යන්නේ මම ලගදි මේ software එකට එකතු කරපු අලුත් අංගයක් ගැනයි.මෙතැනදී වෙන්නේ කලින් වගේ  Arduino ෆයිල් එකයි Arduino library එකයි වෙන වෙනම එන්නේ නැහැ.මේ ඔක්කොම installer එකේ එන්නේ.අපිට තියෙන්නේ installer එකෙන් software එක install කරන්න.ඊට පස්සේ Arduino Sketch එක config කරන්න තියෙන්නේ settings window එක හරහයි.අපි බලමු එක කොහොමද කරන්නේ කියල.




මෙතැනදී අපිට කලින් පොස්ට් වලදී වගේ Automation Connection Window එක open කරගන්න ඕනේ.ඊට පස්සේ wifi(0) කියන option එක click කරපුවහම wifi settings window එක open වෙනවා.

මෙතැනදී අපි අපේ computer එකට Arduino IDE එක install කරගෙන තියෙන්න ඕනේ.ඊට පස්සේ ,

1.මෙතන අපි type කරන්න ඕනේ අපේ wifi network එකේ නම (SSID).

2.මෙතන අපි type කරන්න ඕනේ අපේ wifi network එකේ password එක.

3.ඊට පස්සේ මේ save button එක click කරන්න.

එතකොට අපේ computer එකේ Arduino IDE එකේ library folder එකට මේ automation system එක වැඩකරන්න අවශ්‍ය කරන library folder එක copy වෙලා , automation system එකේ Arduino Sketch එක Arduino IDE එක හරහා open වෙනවා.ඊට පස්සේ අපිට තියෙන්නේ Arduino Board එක computer එකට connect කරලා IDE එකෙන් port එක select කරලා sketch file එක board එකට upload කරගන්න.



Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.

22.Modes







 
අද මම පෙන්නන්නම් මේකේ තියෙන modes මොනාද කියල.මුලින්ම බලමු මොකක්ද mode එකක් කියන්නේ කියල.mode එකක් කියල මේ software එකේදී අදහස් කරන්නේ , මේ software එක තියෙන යම් කිසි  තත්වයකටයි.මේ software එකේ modes කිහිපයක් තියෙනවා .ඒවා තමයි,
  • Listening Mode
  • Sleep Mode
  • Typing Mode
  • Deaf Mode
මම දැන් එකින් එක අරගෙන විස්තර කරන්නම්.


Listening Mode


සාමාන්යෙන් මේ software එක open කරපු ගමන් තියෙන්නේ මේ mode එකේ.listening mode කියල කියන්නේ , අපි කියන හැම වචනයක්ම මෙයා ග්‍රහණය කරගන්නවා වගේම , ඒ කියන වචනය command එකකට සමාන උනොත් හරි ඒ වචනයේ ශබ්දය command එකක් කියද්දී ඇතිවෙන ශබ්දයට සමාන උනොත් ඒ ශබ්දයට/command එකට අදාළ ක්‍රියාව ඉටු කරනවා.මේ mode එක on කරන්න හෝ active කරන්න නම් wake up කියන command එක දෙන්න ඕනේ.


Sleep Mode
  

මේ mode එකේදී වෙන්නේ software එක තාවකාලිකව අපි කියන දේවල් වලට ඇහුන්කන් නොදී ඉන්න එකයි.ඒ කියන්නේ මෙයා sleep mode active වෙලා තියෙද්දී අපි command එකක් දුන්නොත් (wake up කියන එක ඇර) , ඒ command එකට අදාළ ක්‍රියාව ක්‍රියාත්මක කරන්නේ නැහැ.මේ mode එක active කරන්න දෙන්න ඕනේ commandඑක වෙන්නේ stop listening කියන command එක , ඒ වගේම මේ mode එක deactivate කරන්න දෙන්න ඕනේ command එක වෙන්නේ කලින් කියපු  wake up කියන command එක.


Typing Mode


මේ mode එක active උනහම වෙන්නේ අපි කියන දේවල් මෙයා type කරන එක.ඒ කියන්නේ අපි කියන command ක්‍රියාවට නංවන එක වෙනුවට කරන්නේ අපි කියන ඒවා type කරන එක.මේ mode එක තාම තියෙන්නේ developing මට්ටමේ නිසා මේ mode එක තාම හරියට ක්‍රියාත්මක වෙන්නේ නම් නැහැ , ඒ නිසා මම මේක software එකේ active කරලා නෑ.නමුත් මම  මේක ලගදීම active කරන්න බලාපොරොත්තු වෙනවා.


Deaf mode


මේ mode එක on උනහම නැවත අපි එය manually deactivate කරන තෙක්  අපි කියන කිසිම command එකකට ඇහුන්කන් දෙන්නේ නැහැ වගේම කිසිම command එකක් ක්‍රියාත්මක කරන්නේ නැහැ.Deaf Mode on කරන්න නම් software එකේ තියෙන listening indicator එක click කරන්න ඕනේ.නැවත Deaf mode deactivate කරන්න නම් නැවත වරක් listening indicator එක click කරන්න ඕනේ.



Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.


21.Home Automation - 03




මම අද කියල දෙන්නම් අපි හදපු automation unit එකට displayඑකක් connect කරන හැටි.එතකොට අපිට පුළුවන් automation unit එකේ ip address එක ලේසියෙන්ම දැනගන්න.අපිට මේ වැඩේට ඕන කරන්නේ OLED display එකක්.අපිට මේ display එකක් ebay එකෙන් ඉතාමත් අඩු මිලකට ගන්න පුළුවන්. 


 


ebay link


දැන් බලමු කොහොමද මේ display එක automation unit එකට connect කරන්නේ කියල.






Connections 



  • Display එකේ VCC පින් එක Arduino එකේ 3.3V පින් එකට connect කරන්න.
  • Display එකේ GND පින් එක Arduino එකේ GND පින් එකට connect කරන්න.
  • Display එකේ SCL පින් එක Arduino එකේ A5 පින් එකට connect කරන්න.
  • Display එකේ SDA පින් එක Arduino එකේ A4 පින් එකට connect කරන්න.

 ඊට පස්සේ Introduction page එකේ තියෙන download ලින්ක් එකෙන් updated Arduino ෆයිල් එක සහ Adafruit-GFX-Library කියන Arduino library file ටික බාගත කරගෙන Arduino බෝඩ් එක load කරගන්න.

ඊට පස්සේ ඔක්කොම modules ටික connect කරගෙන unit එකට power supply කරපුවහම display එකේ unit එකේ ip address එක පෙන්නනවා.



Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.


20.Home Automation - 02




අපි දැන් බලමු automation unit එක එකලස් කරගන්නේ කියල.




මේ උඩ පින්තුරේ විදිහට modules ටික connect කරගන්න.

  • Arduino 5V pin එක DC to DC converter එකේ +VIN එකට connect කරන්න.
  • Arduino GND pin එක DC to DC converter එකේ -VIN එකට connect කරන්න.
  • DC to DC converter එකේ +VOUT පින් එක ESP8622 module එකේ VCC එකට connect කරන්න.
  • DC to DC converter එකේ +VOUT පින් එක ESP8622 module එකේ CH_PD එකටත්connect කරන්න.
  • DC to DC converter එකේ -VOUT පින් එක ESP8622 module එකේ GND එකට connect කරන්න.
  • ESP8622 module එකේ TX pin එක Arduino බෝඩ් එකේ pin 2ට connect කරන්න.
  • ESP8622 module එකේ RX pin එක Arduino බෝඩ් එකේ pin 3ට connect කරන්න.
  • Relay module එකේ GND pin එක Arduino බෝඩ් එකේ GND pin එකට connect කරන්න.
  • Relay module එකේ VCC pin එක Arduino බෝඩ් එකේ 5V pin එකට connect කරන්න.
  • Relay module එකේ IN1 pin එක Arduino බෝඩ් එකේ pin 4ට connect කරන්න.
  • Relay module එකේ IN2 pin එක Arduino බෝඩ් එකේ pin 5ට connect කරන්න.
  • Relay module එකේ IN3 pin එක Arduino බෝඩ් එකේ pin 6ට connect කරන්න.
  • Relay module එකේ IN4 pin එක Arduino බෝඩ් එකේ pin 7ට connect කරන්න.
  • Relay module එකේ IN5 pin එක Arduino බෝඩ් එකේ pin 8ට connect කරන්න.
  • Relay module එකේ IN6 pin එක Arduino බෝඩ් එකේ pin 9ට connect කරන්න.
  • Relay module එකේ IN7 pin එක Arduino බෝඩ් එකේ pin 10ට connect කරන්න.
  • Relay module එකේ IN8 pin එක Arduino බෝඩ් එකේ pin 11ට connect කරන්න.

හරි දැන් පරිපථය හදල ඉවරයි.දැන් තියෙන්නේ programming part එක.අපි බලමු එක කොහොමද කරන්නේ කියල.

හරි දැන් අපි Wi-fi.ino කියන program එක open කරගන්න.ඊට පස්සේ


මෙන්න මේ ස්ථානයේ ,

  • username කියන එක ඔයාලගේ wi-fi name එකෙන් replace කරන්න 
  • password කියන එක ඔයාලගේ wi-fi password එකෙන් replace කරන්න

ඊට පස්සේ program එක Arduino බෝඩ් එකට load කරගන්න.ඊට පස්සේ serial monitor එක open කරගන්න.





ඊට පස්සේ උඩ තියෙන පින්තුරේ විදිහට ඔයාලට පෙනෙයි ESP8622 module එකයි Arduino බෝඩ් එකයි අතරේ commands transfer වෙනවා.

මෙතැනදී අපි ESP8622 module එකේ access IP address එක ලියාගන්න ඕනේ.(මේ පින්තුරේ හැටියට මේ module එකේ ip එක
192.168.100.94)


හරි දැන් අපිට තියෙන්නේ මේ ip address එක speech recognition system එකේ settings වලට insert කරගන්න එක.





මේ උඩ තියෙන විදිහට automation connection කියන window එකේ wi-fi කියන option එක select කරලා ESP8622 module එකේ access ip address එක IP Address කියන තැන කොටු වල type කරන්න.


දැන් හරි Home Automation System Unit එකයි Speech Recognition System එකයි එකට link වෙලා තියෙනවා.අපිට දැන් පුළුවන් device controller එක සහ device scheduler එක බාවිතයෙන් බාහිර විදුලි උපකරණ හසුරුවන්න.


Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.





19.Home Automation - 01







මම දැන් පෙන්නම් speech recognition system එකත් එක්ක connect කරලා බාහිර විදුලි උපකරණ හසුරුවන්න පුළුවන් automation system unit එක හදාගන්න හැටි.




අවශ්‍ය උපකරණ. 

1.Arduino Board 
2.ESP8622 wireless module
3.8 Channel 5v relay module
4.5v to 3.3v dc to dc converter
5.FTDI usb to serial converter
6.male to female jumper wires
7.bread board



මම මුලින්ම කතා කරන්නම් ESP8622 Wireless Module එක ගැන.මොකක්ද මේ module එක මොකක්ද මේකෙන් කරන්න පුළුවන්? ඇත්තටම කිව්වොත් අපිට මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්.ඔගොල්ලන් youtube එකේ search කරලා බැලුවොත් ඕගොල්ලන්ට බලාගන්න පුලුවන් මේ module එකෙන් කරන්න පුළුවන් සුපිරි වැඩ ටිකක්.අපිට වයි-ෆයි හරහා මොනාහරි දෙයක් කරන්න ගන්න පුළුවන් අඩුම වියදමක් යන ක්‍රමයක් තමයි මේ ESP8622 කියන module එක භාවිතා කරන එක.මේ module එකේ වර්ග කීපයක්ම ගන්න තියෙනවා.නමුත් මම මේ අවස්ථාවේදී කතා කරන්නේ ESP8622 – ESP-01 කියන module එක ගැනයි.ඔය පහලින් තියෙන්නේ ඒ module එකේ wiring diagram එකයි.


මේ module එකේ pins 8ක් තියෙනවා.නමුත් මේ project එකට බාවිතා කරන්නේ pins කීපයක් පමණයි.මම ඒ මොනාද කියල පෙන්නන්නම්.  

  • VCC - මේ පින් එකට තමයි අපි + 3.3V ධන අග්‍රය connect කරන්නේ. (වැරදිලාවත් මෙතනට 5V දෙන්න එපා , මොකද මේ module එක වැඩකරන්නේ 3.3V වලින්.)
  • GND - මේ පින් එකට තමයි අපි - ඍන අග්‍රය connect කරන්නේ.
  • CH_PD - මේ module එක activate කිරීම සදහා මේ පින් එකටත් අපි + 3.3V අග්‍රයක් connect කරන්න ඕනේ.
  • RXD - මේ පින් එක අපි සම්බන්ද කරගන්න ඕනේ Arduino එකේ TX පින් එකට.
  • TXD - මේ පින් එක අපි සම්බන්ද කරගන්න ඕනේ Arduino එකේ RX පින් එකට.


හරි අපි දැන් බලමු කොහොමද මේ module එක configure කරගන්නේ කියල.මේකට අපිට ඕන වෙනවා FTDI usb to serial converter එක.ඊට පස්සේ පහළ පින්තුරයේ විදිහට ඔක්කොම components ටික සම්බන්ද කරගන්න.





  • FTDI Adapter +5V Pin to 5V to 3.3V DC to DC Converter +VIN Pin.
  • FTDI Adapter GND Pin to 5V to 3.3V DC to DC Converter -VIN Pin.
  • 5V to 3.3V DC to DC Converter +VOUT Pin to ESP8622 VCC Pin.
  • 5V to 3.3V DC to DC Converter -VOUT Pin to ESP8622 GND Pin.
  • 5V to 3.3V DC to DC Converter +VOUT Pin to ESP8622 CH_PD Pin.
  • FTDI Adapter RX Pin to ESP8622 TX Pin.
  • FTDI Adapter TX Pin to ESP8622 RX Pin.


ඊට පස්සේ  FTDI Converter එක පරිගණකයට connect කරගන්න.ඊට පස්සේ device manager open කරගන්න.




 
ඊට පස්සේ ports  යටතේ තියෙන com port name එක බලාගන්න.(මගේ  FTDI  එක COM4).


ඊට පස්සේ Arduino IDE එක open කරගන්න


 
 

Tools > Port වලට ගිහින් ඔයාගේ FTDI එක connect කරලා තියෙන port එක select කරන්න.ඊට පස්සේ serial monitor එක open කරගන්න.




ඊට පස්සේ උද පින්තුරේ විදිහට 

  • Baud Rate එක 115200 හෝ 9600 කියල select කරගන්න ( සමහර module වල baud rate එක 9600 විදිහට එනවා , එත් සමහර එවල 115200 කියල එන්නේ.)
  • අනිත් option එක Both NL & CR කියල select කරගන්න



ඊට පස්සේ AT කියන command එක type කරලා enter කරන්න.එතකොට OK කියල message එකක් එන්න ඕනේ.ඒ කියන්නේ module එක හරියට connect කරලා වගේම හරියට වැඩ කරනවා.

ඊට පස්සේ AT+GMR කියන command එක type කරලා enter කරන්න.



මෙතනදී ඔයාලට පෙන්නනවා module එකේ install කරලා තියෙන firmware version එක මොකක්ද කියල.
(මගේ module එක 001800902 කියල පෙන්නන්නේ මම module එක firmware එක update කරලා තියෙන්නේ)


 module එකේ firmware එක 902 ට අඩුයි නම් අපි firmware upgrade එකක් කරගන්න ඕනේ. එකට මේ පහල තියෙන ලින්ක් එකෙන් firmware එකයි flasher එකයි download කරගන්න.



ඊට පස්සේ module එකේ GPIO0 කියන pin එක GND එකට connect කරගන්න ඕනේ.



ඊට පස්සේ download කරගත්ත flasher එක open කරගන්න.Arduino IDE එක close කරන්න.





ඊට පස්සේ උඩ තියෙන පින්තුරේ විදිහට ,

  •  Bin කියන button එක click කරලා download කරගත්ත firmware එක select කරන්න.
  • ඊට පස්සේ port එක type කරන්න.
  • ඊට පස්සේ Download කියන button එක click කරන්න.  


 එතකොට ඔයාලට පෙනෙයි module එකට data write වෙන හැටි සහ module එකේ නිල් පාටට led bulb එකක් blink වෙනවා.


ඊට පස්සේ ඔක්කොම write උනාට පස්සේ 99% න් නවතිනවා.එතකොට flasher එක close කරලා GPIO0 කියන pin එක GND එකෙන් remove කරන්න.


ඊට පස්සේ අයෙත් Arduino IDE එක open කරගන්න.ඊට පස්සේ අපි module එකේ baud rate එක 9600ට වෙනස් කරගමු එකට serial monitor එකේ AT+UART_DEF=9600,8,1,0,0 කියන command එක type කරලා enter කරන්න.(සමහර වෙලාවට firmware upgrade කරහම baud rate එක 9600ට වෙනස් වෙනවා.ඒ වෙලාවට baud rate ආයෙත් වෙනස් කරන්න ඕන වෙන්නේ නැහැ , වගේම තමයි serial monitor එකේ baud rate එක 9600 හැටියට change කරගන්න.)


 හරි අපි ඊලග පොස්ට් එකෙන් බලමු කොහොමද Home Automation System Unit එක එකලස් කරගන්නේ කියල.






 


18.Video Player



දැන් බලමු කොහොමද වීඩියෝ player එක වැඩ කරන්නේ සහ මොනාද එකේ තියෙන විශේෂාංග කියල.



main interface එකේ video mode button එක(1) click කරහම audio mode off වෙලා video mode on වෙනවා.

ඊට පස්සේ playlist එක open වෙලා අපි settings වල දීල තියෙන video folder එකේ තියෙන ඔක්කොම mp4 files ටික load කරගන්නවා.

ඊට පස්සේ අපි playlist(2) එකෙන් file එකක click කරහම ඒ select වෙච්ච file එක movie player එක හරහා open වෙනවා.





අපි mouse එක window එකේ දකුණු පැත්තේ පහලට  ගෙනිච්චහම player එක visible වෙනවා.


1.මේ තමයි player එකේ seek bar එක , අපි මේ bar එකේ move වෙන ඩොට් එක drag කරන් අපිට අවශ්‍ය තැනින් drop කරහම video එක එතන ඉදන් play වෙන්න ගන්නවා.

2.මෙතනින් පෙන්නන්නවා play වෙන video එකේ file name එක , අපි මෙතන click කරහම මේ video file එක තියෙන තැන open වෙනවා.

3.මෙතන තියෙන්නේ player එකේ controls ටික.







අපි mouse එක window එකේ දකුණු පැත්තේ ඉහලට ගෙනිච්චහම top bar එක visible වෙනවා.


1.මෙතනින් පෙන්නනවා play වෙන video එකේ title එක.

2.මෙතන තියෙන arrow icon එක click කරපුවහම player එක task bar එකට minimize වෙනවා.




video එක close කරන්න නම් mouse එක window එකේ දකුණු පැත්තේ පහලට ගෙනිහිල්ල visible වෙන mini player එකේ close button එක click කරන්න.





17.My Pocket




මේ application එක මාර්ගයෙන් අපිට පුළුවන් අපේ දෛනික අදායම් සහ වියදම් ඇතුලත් කරගෙන පසුව මාසික හෝ වාර්ෂික අදායම වියදම සහ ඉතිරිය ගණනය කරගන්න .ඒ වගේම අපිට පුළුවන් rate convert එකක් මගින් අපි මේ ඇතුලත් කරන දත්ත වල මුල්‍යමය වටිනාකම අගයයන් දෙකක් හැටියට බලාගන්නත්.

උදා:අපි 20USD වියදමක් කලානම්.ඒ වියදම rate convert එකක් හරහා රුපියල් කීයක වියදමක් උනාද කියල බලාගන්න පුළුවන්.

තව දෙයක් තමයි මේ application එක open කිරීමට නම් ඔයාලගේ email address එක සහ email password එක username එක සහ password එක විදිහට දෙන්න ඕනේ.


අපි බලමු කොහොමද ඒ දේ කරගන්න පුළුවන් කියල.







අපි නොම්බර පිළිවෙලට අරන් බලමු,


1.මෙම button එක click කිරීම මගින් අපිට අලුත් record එකක් database එකට ඇතුලත් කරගන්න පුළුවන්.




1.අපි අදායම හෝ වියදම සිදුකල දිනය මෙතනින් select කරන්න ඕනේ.

2.අපි අදායම හෝ වියදම සිදුකල මාසය මෙතනින් select කරන්න ඕනේ.

3.අපි අදායම හෝ වියදම සිදුකල වර්ෂය මෙතනින් select කරන්න ඕනේ.

4.මේ record එක ආදායමක්ද , වියදමක්ද කියල මෙතනින්select කරන්න ඕනේ .

5.එම ආදායමේ හෝ වියදමේ , මුල්‍යමය වටිනාකම මෙතන type කරන්න ඕනේ(සත ප්‍රමාණය නැතුව / මෙහි ඉලක්කම් පමණක් type කිරීමට වග බලාගන්න).

6.එම ආදායමේ හෝ වියදමේ , මුල්‍යමය වටිනාකමේ සත ප්‍රමාණය මෙතනින් select කරන්න ඕනේ .

7.අපි rate convert එකක් කරනවානම් එම rate එක මෙතන type කරන්න ඕනේ(සත ප්‍රමාණය නැතුව / මෙහි ඉලක්කම් පමණක් type කිරීමට වග බලාගන්න)

8.අපි rate convert එකක් කරනවානම් එම rate එකේ සත ප්‍රමාණය මෙතනින් select කරන්න ඕනේ.

9.එම record එක හදුනාගැනීම පිණිස ඔයාට කැමති දෙයක් type කරන්න(මොකක්ද කරපු වියදම / මොකක්ද ලබපු අදායම විදිහට). 

10.මෙම button එක click කිරීම මගින් අපි දීල තියෙන දත්ත ටික record එකක් විදිහට database එකට insert කරනවා.


2.අපි database එකට insert කරන් තියෙන ඔක්කොම records ටික මේ list එකේ පෙන්නනවා.

3.list එකේ තියෙන ඔක්කොම records වල වියදමේ සහ ඉතිරියේ මුළු එකතුව chart එකක් ආකාරයට මෙතන පෙන්නන්නවා.

4.list එකේ තියෙන ඔක්කොම records වල ආදායමේ මුළු එකතුව main amount | converted amount කියන පිළිවෙලට  මෙතන පෙන්නන්නවා.

5.list එකේ තියෙන ඔක්කොම records වල වියදමේ මුළු එකතුව main amount | converted amount කියන පිළිවෙලට  මෙතන පෙන්නන්නවා.

6.list එකේ තියෙන ඔක්කොම records වල ඉතිරියේ මුළු එකතුව main amount | converted amount කියන පිළිවෙලට  මෙතන පෙන්නන්නවා.

7.මාසික අදායම වියදම සහ ඉතිරියේ report එකක් filter කරගන්න , එම අවශ්‍ය මාසය මෙතනින් select කරන්න.

8.මාසික අදායම වියදම සහ ඉතිරියේ report එකක් filter කරගන්න , එම අවශ්‍ය වර්ෂය මෙතනින් select කරන්න.

9.මෙම button එක click කිරීම මගින් අපි select කරලා තියෙන වර්ෂයට අදාළ මාසයේ අදායම,වියදම සහ ඉතිරිය filter කරලා list එකේ පෙන්නන අතර එම records වල මුළු එකතුව අදායම වියදම සහ ඉතිරිය වශයෙන් වෙන වෙනම 5,4,6 කියන ස්ථාන වල පෙන්නනවා.

10.මෙම button එක click කරපුවහම් අපි දීල තියෙන filter එක clear වෙලා අයෙත් database එකේ තියෙන ඔක්කොම record ටික list එකේ පෙන්නන්න ගන්නවා.



අපි ඊලග පොස්ට් එකෙන් බලමු video player එක ගැන . 





 

16.Alarm & Timer



දැන් බලමු  alarm & timer application එක ගැන.මේකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය වෙලාවකට alarm එකක් සෙට් කරන්න එහෙම නැත්තන් timer එකක් සෙට් කරන්න , අපි බලමු කොහොමද එක කරන්න පුළුවන් කියල.




නොම්බර පිළිවෙලට ගත්තොත්,

Alarm

1.මෙතනින් අපිට alarm එකේ වෙලාවේ පැය කොටස select කරන්න ඕනේ.

2.මෙතනින් අපිට alarm එකේ වෙලාවේ මිනිත්තු කොටස select කරන්න ඕනේ.

3.මෙතනින් අපිට alarm එකේ වෙලාවේ හෝරාව select කරන්න ඕනේ.

4.මෙතනට අපිට alarm එකට අවශ්‍ය label එකක් type කරන්න ඕනේ , alarm එක ring වෙද්දී මේ text එක message එකක් විදිහට පෙන්නන්නවා.

5.මෙතනින් අපිඑ alarm එකේ alert tone එක select කරගන්න පුළුවන්.

6.මෙතනට tick එක දැම්මහම alarm එක activate වෙනවා වගේම tick එක අයින් කලොත් alarm එක deactivate වෙනවා.



Timer


7.මෙතනින් අපිට timer එකේ වෙලාවේ පැය කොටස select කරන්න ඕනේ.

8.මෙතනින් අපිට timer එකේ වෙලාවේ මිනිත්තු කොටස select කරන්න ඕනේ.

9.මෙතනින් අපිඑ alarm එකේ alert tone එක select කරගන්න පුළුවන්.

10.මේ button එක click කරහම timer එක activate වෙනවා වගේම මේ button අයෙත් පාරක් click කරහම timer එක deactivate වෙනවා.



අපි ඊලග පොස්ට් එකෙන් බලමු My Pocket කියන application එක ගැන.




15.Picture Library




දැන් බලමු Picture Library එක ගැන.මේකෙදි වෙන්නේ අපි settings වල picture folder කියන තැන දුන්නු folder එකේ තියෙන ඔක්කොම පින්තුර ටික මේ application එක හරහා open කරන එක සහ ඒ pictures slideshow එකක් විදිහට පෙන්නන්න එකයි.  




අපි දැන් බලමු නම්බර පිළිවෙලට තියෙන දේවල් මොනාද කියල.


1.මේ button එක click කරලා අපිට පුළුවන් folder එකක තියෙන pictures මේ application එකට add කරගන්න.

2.application එකට add කරගන්න pictures මේ list එකේ පෙන්නනවා.

3.list එකේ තියෙන record එකක් click කරපුවහම ඒ image එක මෙතන thumbnail එකක් විදිහට පෙන්නන්නවා.ඒ වගේම මෙතන තියෙන image එකක් click කරපුවහම ඒ image එක වෙනම window එකක open කරලා පෙන්නන්නවා.





1.මේ button එක click කරපුවහම list එකේ කලින් තිබ්බ image එක පෙන්නනවා.

2.මේ button එක click කරපුවහම slideshow එක start කරනවා.

3.මේ button එක click කරපුවහම list එකේ ඊළගට තියෙන image එක පෙන්නනවා.


4.මේ button එක click කරපුවහම list එකේ තියෙන ඔක්කොම images ටික slideshow එකක් විදිහට පෙන්නන්න ගන්නවා.





1.මේ button එක click කරපුවහම list එකේ කලින් තිබ්බ image එක පෙන්නනවා.

2.මේ button එක click කරපුවහම slideshow එක end වෙලා නොර්මල් window එකක picture එක open කරනවා.

3.මේ button එක click කරපුවහම list එකේ ඊළගට තියෙන image එක පෙන්නනවා.

4.මේ button එක click කරහම slideshow එක end වෙලා නැවතත් picture library window එක open වෙනවා.

  
5.මේ button එක click කපුවහම list එකේ තියෙන ඔක්කොම images ටික thumbnails විදිහට 3 කියන තැන පෙන්නන්නවා.





6.මේ button එක click කපුවහම list එකේ  තියෙන ඔක්කොම records ටික සහ thumbnails images ටික remove කරනවා.



අපි ඊලග පොස්ට් එකෙන් බලමු Alarm & Timer application එක ගැන.
 

14.Automation Device Controller



දැන් මම කියන්න යන්නේ Automation Device Controller එක ගැන .අපිට මේ software එක උපයෝගී කරගනිමින් මෙම software එකට අනුකුලව හදාගත්ත Arduino Based Home Automation System Unit එකක් control කරන්න පුළුවන්.Arduino Based Home Automation System Unit එක හදන එක මම පස්සේ පොස්ට් කීපයක් විදිහට දාන්නම්.අපි දැන් බලමු මේ window එකේ මොනාද තියෙන්නේ සහ ඒවා වලින් මොනාද කරන්න පුළුවන් කියල .




අපි දැන් මේකේ නම්බර පිළිවෙලට අරගෙන බලමු කොහොමද මේකෙන් වැඩ කරගන්නේ කියල.


1.මේ option එක select කරන්නේ අපි  Automation Unit එක computer එකත් එක්ක data cable එකක් මාර්ගයෙන් serial ක්‍රමයට connect කරලා තියෙනවනම් විතරයි.

2. මේ option එක select කරන්නේ අපි  Automation Unit එක computer එකත් එක්ක Wi-Fi මාර්ගයෙන් wireless ක්‍රමයට connect කරලා තියෙනවනම් විතරයි.

අපි settings වල දීල තියෙන විදිහට default connection එකේ විදිහට මේ option දෙක auto select වෙලා තියෙනවා.

3.මේ button එක click කරපුවහම Device Controller Scheduler එක open වෙනවා.




මේ window එක මාර්ගයෙන් අපිට පුළුවන් අපි කලින් දීල තියෙන වේලාවන් සහ දවස් අනුව විදුලි උපකරණ හසුරුවන්න.

1.මේ option එක select කිරීම මගින් scheduler එක enable වෙනවා.

2.මෙතනින් අපිට අවශ්‍ය device එක select කරගත යුතුයි.

3.මෙතනින් අවශ්‍ය කාලයේ පැය ප්‍රමාණය select කරගත යුතුයි.

4.මෙතනින් අවශ්‍ය කාලයේ විනාඩි ප්‍රමාණය select කරගත යුතුයි.

5.මෙතනින් අවශ්‍ය හෝරාව select කරගත යුතුයි.

6.මෙතනින් අවශ්‍ය දවස select කරගත යුතුයි.

7.මෙතනින් අවශ්‍ය තත්වය select කරගත යුතුයි.

8.මෙම button එක click කිඅරහම අපි උඩින් දීල තියෙන දවසට එම පැය හා විනාඩියට device එක කුමන තත්වයක් ගන්න ඕනෙද කියලrecord එකක් database එකට ඇතුලත් වෙනවා.

9.මේ button එක මගින් අපි කලින් දීල තියෙන schedule record database එකෙන් remove කරගන්න පුළුවන්.අපි list (10) එකෙන් අපිට remove කිරීමට අවශ්‍ය record එක select කරලා මෙම button එක click කරන්න ඕනේ.

10.අපි database එකට add කරගන්න schedule records මේ list එකේ පෙන්නනවා.


4.මෙය ඒක වරක් click කිරීම මගින් device 01 on වේ.තව වරක් click කල විට device 01 off වේ.


5.මෙය ඒක වරක් click කිරීම මගින් device 02 on වේ.තව වරක් click කල විට device 02 off වේ.


6.මෙය ඒක වරක් click කිරීම මගින් device 03 on වේ.තව වරක් click කල විට device 03 off වේ.


7.මෙය ඒක වරක් click කිරීම මගින් device 04 on වේ.තව වරක් click කල විට device 04 off වේ.


8.මෙය ඒක වරක් click කිරීම මගින් device 05 on වේ.තව වරක් click කල විට device 05 off වේ.


9.මෙය ඒක වරක් click කිරීම මගින් device 06 on වේ.තව වරක් click කල විට device 06 off වේ.


10.මෙය ඒක වරක් click කිරීම මගින් device 07 on වේ.තව වරක් click කල විට device 07 off වේ.


11.මෙය ඒක වරක් click කිරීම මගින් device 08 on වේ.තව වරක් click කල විට device 08 off වේ.


මෙහි 4 සිට 11 වෙනකන් තියෙන ඔක්කොම button click කරහම ඒ device එක තියෙන තත්ත්වය ඒ icon මගින් පෙන්නනවා .



අපි ඊලග පොස්ට් එකෙන් බලමු picture library application එක ගැන.